ක්‍රිකට් ආයතනයෙන් නිල ලෝක කුසලාන සංචිතය ප්‍රකාශ කරයි – මවිත කිරීම් රැසක් – ප්‍රවේගකාරී ලහිරු මදුශංකත් සංචිතයට

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මින්පෙර ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යැවූ සංචිතයට වඩා මෙම සංචිතය වෙනස් වීම විශේෂත්වයක්.

සුපුරුදු පරිදි දසුන් ශානකට නායකත්වය හිමිව තිබෙනා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කර තිබේ. මින්පෙර සංචිතයේ නොසිටි ප්‍රවේගකාරී පිතිකරු ළහිරු මදුශංකට සංචිතයේ ස්ථානයක් හිමිව තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා සංචිතයේ පිතිකරුවන් ලෙස උපනායක ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල් ඇතුලත්ව තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස නායක දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක ඇතුලත්ව තිබේ.

කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්ටත්, දඳ පන්දු වගකීම යොවුන් ක්‍රීඩකයන් වන මහීෂ් තීක්ෂණට හා ප්‍රවීන් ජයවික්‍රමට හිමිව තිබේ.

අතිරේක ක්‍රීඩකයින් සිවුදෙනා ලෙස පුලින තරංග, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය සංචිතයට ඇතුලත්ව තිබේ.

ශ්‍රී ලංකා නිල සංචිතය : දසුන් ශානක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, ළහිරු මදුශංක, නුවන් ප්‍රදීප්, මහීෂ් තීක්ෂණ

අතිරේක

ළහිරු කුමාර, පුලින තරංග, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button