විනය රකින එංගලන්ත පාලක මණ්ඩලයේ වැඩක් – වසර නවයකට පෙර දැමූ ට්වීට් සටහනක් නිසා ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවයි

පසුගියදා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගෙන නවසීලන්තයට එරෙහිව දස්කම් දැක්වූ යොවුන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ ඔහු එංගලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට පෙර 2012, 2013 වසරවලදී සමාජජාලා මාධ්‍යයේ පළ කර තිබූ පණිවිඩ කිහිපයක් නිසාවෙනි.

මේ අනුව නවසීලන්තට එරෙහි පළමු තරගයේදී කඩුලු 7ක් දවා ගෙන දස්කම් දැක්වූ ඔහු තරගාවලියෙන් ඉවත් කිරීමට එංගලන්ත පාලක මණ්ඩලය කටයුතු කර තිබේ.

මීට වසර නවයකට පෙර 2012 වසරේදි 18 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ආන්දෝලනාත්මක අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූූ අතර තරගය අතරතුර ඒ ට්විටර් පණිවිඩ දැඩි ආන්දෝලනයට තුඩු දුන්නා. ඉන්පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔලී රොබින්සන් වසර 8කට පෙර තමා අතින් සිදු වූ මෙම වරදට සමාව ද ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එයින් සෑහිමට පත් නොවුනු එංගලන්ත පාලක මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ක්‍රිකට් තහනමක් පනවා තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සැලකෙන්නේ ලොව විනය ඉහළින්ම ආරක්ෂා කරන පාලක මණ්ඩලයක් ලෙසිනි. පසුගිය 2019 ලෝක කුසලානය ජය ගැනීමටත් එංගලන්ත කණ්ඩායම සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පසුගිය සමයේ මෙලෙසට විනය විරෝධි ක්‍රියා රැසක් සිදු කළ නමුත් ඔවුන්ට එරෙහිව මෙරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගත්තේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button