පාකිස්තාන ක්‍රිකට් දෙදරයි – හිටපු ක්‍රීඩකයෙකුගේ පුතා ලෝක කුසලානයට – විරෝධය පා මිස්බා ඉල්ලා අස් වෙයි

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවේ මහා අර්බුධයක් සනිටුවහන් කරමින් ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සහ වේග පන්දු යැවීමේ පුහුණුකරු වකාර් යුනිස් සිය තනතුරු වලින් ඉල්ලා අස් වී තිබේ. ඒ එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්තාන සංචිතය නම් කිරීමෙන් පසුවය.

මෙම සංචිතය සඳහා හිටපු පාකිස්තාන ප්‍රබල ක්‍රීඩකයෙකු වන මොයින් ඛාන්ගේ පුතු, අසාම් ඛාන් නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ LPL තරඟාවලියෙන් කරළියට පැමිණි අසාම් ඛාන්, එම තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළා. එහිදී ඔහු මෙරට රසිකයන් අතර “බැරල් සුනිල්” ලෙසින් ජනප්‍රිය වුනා.

සුපිරි පිතිකරු බබාර් අසාම් විසින් නායකත්වය දරන මෙම සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වහබ් රියාස්, ෂොයිබ් මලික් මෙන්ම සර්ෆරාස් අහම්ඩ්ද ඇතුලත් කර නැහැ. තවද මෑත කාලයේ දස්කම් දක්වන ප්‍රහාරාත්මක පිතිකරු ෆකාර් සමාන් නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.

මෙම සංචිතය නම් කළ සැණින් ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් ඉල්ලා අස්වූයේ මෙම සංචිතයට විරෝධය පෑමක් ලෙසින් බවට මාධ්‍යය වාර්තා කළා.

ලෝක කුසලානය සඳහා වන පාකිස්තාන සංචිතය

01. බාබර් අසාම් (c) 02. ශඩාබ් ඛාන් (vc) 03. අසීෆ් අලී 04. අසාම් ඛාන් 05. හැරිස් රාවුෆ් 06. හසන් අලී 07. ඉමාඩ් වසීම් 08. කුස්දිල් ශාහ් 09. මොහොමඩ් හෆීස් 10. මොහොමඩ් හස්නයින් 11. මොහොමඩ් නවාස් 12. මොහොමඩ් රිස්වාන් 13. මොහොමඩ් වසීම් 14. ශහීන් අෆ්රිඩි 15. සොහයිබ් මක්සූඩ්

අතිරේක ක්‍රීඩකයන් –

16. ශහ්නවාස් ධහානී, 17. උස්මාන් කාදීර් 18. ෆකාර් සමාන්

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button