බාබර් අසාම්ගේ පාකිස්තානයට ශ්‍රී ලංකා පොඩ්ඩන් වැඩ පෙන්වයි!

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද නිමා වුනා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමට වැඩි වාසි අත්කර දෙමින්.

සිය පළමු ඉනිමට පාකිස්තාන කණ්ඩායම ලබා ගත් ලකුණු 323කට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 278ක් ලබා සිටිනවා.

කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් කඩුලු සියලූම දෙනා දැවී ලකුණු 323ක් ලබා ගත්තා. පාකිස්තානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 88ක් ලබා ගත්තා. ඇගා සල්මාන් ලකුණු 55යි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක ලක්ෂිත මණසිංහ කඩුලු හතරක් දවාගත්තේ ලකුණු 85කටයි. දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු සදීර සමරවික්‍රම ලකුණු 91ක් ලබා ගත්තා.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 78ක් ලබා ගත්තා. නිශාන් මදුෂංක නොදැවී ලකුණු 39යි.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදි මොහොමඩ් නවාස් කඩුලු දෙකක් බිඳ දැමුවා.

පාකිස්තානය – 323/10

බාබර් අසාම් – 88 , ඇගා සල්මාන් – 55

ලක්ෂිත මනසිංහ – 4 / 85 , දිල්ෂාන් මදුෂංක 2 / 59

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම – 248/ 5

සදීර සමරවික්‍රම – 91 , නුවනිඳු ප්‍රනාන්දු – 78

මොහොමඩ් නවාස් – 2 / 24

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button