“එයා ඩොට් ගහනවා වැඩියි, T20 ගැලපෙන්නේ නෑ” යොවුන් තරුව පැතුම් නිස්සංකට සමාජජාලා රසිකයන්ගෙන් විවේචන!

යොවුන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පසුගිය සමයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දස්කම් දැක්විමට සමත් වුනා.

ඒ හේතුවෙන්ම සීමිත ඕවර කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් වෙන්කර ගෙන සිටින පැතුම් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේද නොමද පැසසුමට ලක්වුනා.

මේ වනවිට I.C.C T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් වල 7 වෙනි ස්ථානයේ පසුවන්නේද පැතුම් නිස්සංකයි. ඒ T20 පිතිකරණ ලයිස්තුවේ මුල් පිතිකරුවන් දස දෙනා අතර සිටිනා එකම ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වෙමින්.

කෙසේ වෙතත් පසුගියදා පැවැත්වුනු LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදි පැතුම් නිස්සංක කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

එහිදි ඇතැම් විචාරකයන් පැවසූවේ පැතුම් නිස්සංක ප්‍රථම පවර් ප්ලේ පන්දු වාර කිහිපයේ ස්ථාවර වීමට නිලකුණු පන්දු (ඩොට් බෝල්ස්) ක්‍රීඩා කිරීම හේතුවෙන් කණ්ඩායම් හිමිකරුවන් පැතුම් මිලදී නොගන්නට ඇති බවය.

කෙසේ වෙතත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත් වීමෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පැතුම් නිස්සංක මිලදී ගත්තා.

මේවනවිට පැවැත්වෙමින් පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 ලීගයේ SL ග්‍රීන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස පැතුම් නිස්සංක ක්‍රීඩා කරනවා.

එහිදි මේ වනවිට තරග තුනක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලබා ගෙන ඇත්තේ පන්දු 26ක් තුල ලකුණු 16ක්, පන්දු 20ක් තුල ලකුණු 10ක් සහ පන්දු 19ක් තුල ලකුණු 10ක් පමණයි.

තරග තුනෙහිදිම පැතුම් ලකුණු 36ක් ලබා ගෙන ඇත්තේ පන්දු 65කට පමණ මුහුණ දෙමින්.

මෙම ක්‍රීඩා විලාශය T20 ආරම්භක පිත්කරුවෙකුට සුදුසු නැතැයි ඇතැම් රසිකයන් සමාජජාලා ඔස්සේ මේ වනවිට මත ප්‍රකාශ කරමින් සිටිනවා.

සමාජජාලා වල පළව තිබූ එවන් අදහස් කිහිපයක් පහතින්,

කෙසේ වෙතත් මෙවන් දක්ෂ යොවුන් ක්‍රීඩකයෙකු රැක බලා ගැනීමත්, ඔහු කෙරෙහි විශ්වාසය තැබීමත් ක්‍රිකට් රසිකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේද වගකීමක් වනවා.

පැතුම් නිස්සංක යනු මේ වනවිට ශ්‍රී ලංකාව සතු දක්ෂතම යොවුන් ක්‍රීඩකයෙකු බව සෑම දෙනාම පිළිගන්නා සත්‍යයකි. ඔහු රැකගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ වගකීමකි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button