මහේලගේ හයේ පහරට ලඟින් ගිය පැතුම්ගේ හයේ පහර ගැන විචාරකයන් කියූ කතාව!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගයේ විශිෂ්ඨ දස්කම් දැක්වීමට යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තරග දෙකෙහිම ජයග්‍රණය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූවත් ලෝක ශූරයන් ඉදිරියේ ඔවුන්ගේ රටේදීම යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ සටන්කාමීත්වය බොහෝ පාර්ශවයන්ගේ ප්‍රශංසාවට ලක්වුණා.

මෙම තරග දෙකෙහිදිම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීමට නවක පිතිකරු පැතුම් නිස්සංක සමත්වුණා.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඔහු එල්ල කරන ඇතැම් දැවැන්ත පහරවල්වල තාක්ෂණය ක්‍රිකට් විචාරකයින්ගේ පවා මහත් ප්‍රශංසාවට ලක්වීම විශේෂත්වයක්.

මේ තරගාවලියේ පැතුම් නිස්සංක එල්ල කළ හයේ පහර දෙකක් විචාරකයන්ගේ අවදානය දිනා ගත්තා. එහිදි පළමු තරගයේදී මිචෙල් ස්ටාර්ක් යොමු කළ පන්දුවකට පුල් පහරකින් එල්ල කළ දැවැන්ත හයේ පහර වැඩි දෙනෙකුගේ අවදානය දිනා ගත්තා.

එම හයේ පහර 2012 වසරේ ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් ක්‍රීඩා පිටියේ පැවති එක්දින තරගයකදී සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රෙට් ලී විසින් පැයට කිලෝ මීටර් 142.6 ක වේගයෙන් යොමු කළ පන්දුවකට සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එල්ල කළ දැවැන්ත හයේ පහර මතකයට නැගුන බව විචාරකයන් ප්‍රකාශ කර තිබුනා.

එම පහරවල් දෙකේ දර්ශන පහතින්,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button