ලොව විශාලතම ක්රිකට් තරගාවලිය IPL ද ? තමන් IPL ගිය සතුටට ක්රීඩකයෙක් රුපියල් හතලිස්දහසක පාටියක් දමලා!

ඉන්දියානු ප්රීමියර් ලීගය මේ වනවිට ලොව විශාලතම ක්රිකට් තරග ඉසව්ව බවට ක්රමිකව පත් වෙමින් තිබේ.
ඒ සඳහා මුලු ලෝකයේම ක්රිකට් ක්රීඩා කරන රටවලින් හිමිවන්නේ දැඩි අවදානයක්. මුලු ලොවෙහිම ක්රීඩකයන් සිය ජාතික කණ්ඩායමට ක්රීඩා කිරිමටත් වඩා IPL ක්රීඩා කිරීමේ උනන්දුවෙන් පසුවෙනවා.
මේ අතර තමන් IPL තරගාවලියට තෝරාගත් සතුටට සිය කණ්ඩායම් සමාජිකයන්ට පීට්සා පාටියක් ලබා දුන් ක්රීඩකයෙකු පිළිබඳව වාර්තා වෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන්.
මේ වන විට ඉන්දීය තරග සංචාරයක නිරතව සිටින කොදෙව් කණ්ඩායම සදහා පූරන් විසින් විසින් එලෙස පීසා ආහාර සංග්රහයක් ලබා දී ඇත්තේ මෙවර අයි.පී.එල් ක්රීඩක වෙන්දේසියේ දී තමා අලෙවි වීමේ සතුට පල කිරීම සදහායි.
ඒ සඳහා ඔහු මිල අධිකම පීසා 15ක් ඔහු විසින් ඇනවුම් කර තිබූ බවත්, ඒ සදහා ඔහුට ඉන්දීය රුපියල් 15,000ක මුදලක් වැය වී ඇති බවත් සදහන්.
එහි වටිනාකම ශ්රී ලංකා මුදලින් රුපියල් 40,000ක් පමණ වනවා.
2021 අයි.පී.එල් තරග වාරයේ දී ඔහු පංජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ නමුත්, ඔහුට එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කිරීමට එම තරගවලියේ දි හැකි වූයේ නැහැ.
මේ වන විටත් සැලකිය යුතු දක්ෂතා අතර ඔහු නොසිටිය ද, නිමා වූ ක්රීඩක වෙන්දේසියේ දී නිකලස් පූරාන්ව ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට මිලදී ගැනිමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම කටයුතු කළා.