“ක්‍රීඩකයන් නැත්නම් ක්‍රීඩාවක් නෑ” ශම්මිට එරෙහිව ක්‍රීඩකයන් තිලංග සමග කඳවුරු බඳියි!

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ආයතනය අතර උද්ගතවී ඇත්තේ දැඩි අර්බුධයක්. ඒ ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දුන් නව වාර්ෂික කෝන්ත්‍රාත්තු හේතුවෙන් ක්‍රීඩකයන් මෙලෙසට ක්‍රිකට් ආයතනය සමග අර්බුධයකින් පසුවෙනවා.

පසුගිය එංගලන්ත සංචාරයට පවා ක්‍රීඩකයන් එක් වුනේ අවසන් මොහොතේදී, ඔවුන් තවමත් වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කර නැහැ.

මෙවැනි පසුබිමක ක්‍රීඩකයන් මෙම ගැටලුව පිළිබඳව හිටපු සභාපති තිලංග සුමතිපාල සමග සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ. තිලංග සුමතිපාල සැළකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝඩ් ෆාදර් ලෙසිනි. ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩිම කාලයක් පුරාවටම සභාපතිවරයා ලෙසින් කටයුතු කළේද ඔහුයි.

ඔහු ක්‍රිකට් නිලවරණයකින් පැරදවීම කිසිලෙසකින් හෝ කළ නොහැක්කක් ලෙස සැලකුන අතර ඉන්පසුව ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කර ඔහුට තරග වැදීම තහනම් කළා. ඉන්පසුව ඔහුගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ ශම්මි ද සිල්වා ක්‍රිකට් නිලවරණයෙන් ජයගත්තා.

කෙසේ වෙතත් පසුගිය සමය පුරාවටම ශම්මි ද සිල්වා, තිලංග සුමතිපාල නොසලකා කටයුතු කළ නිසා සුමතිපාල වත්මන් පරිපාලනය සමග උරණ වී සිටියි. ක්‍රිකට් ක්‍රීඩකයන් සිය ගැටලුව පිළිබඳව තිලංග සුමතිපාල සමග සාකච්ඡා කර ඇත්තේ මෙවැනි පසුබිමකය.

මේ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් සමග අදහස් දක්වමින් තිලංග සුමතිපාල ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයන් නොමැති නම් ක්‍රිඩාවක්ද නොමැති නිසා ක්‍රීඩකයන් රැකගැනීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීම බවය.

“මම ක්‍රිකට් ක්‍රීඩකයන් සමග ගිවිසුම් අත්සන් කරලා තියෙනවා වසර 25ක ඉදන්, අර්ජුණ , අරවින්ද ක්‍රීඩා කරන කාලයේ පවා මම ක්‍රිකට් සභාපතිවරයා ලෙස ඒ වගකීම ඉටු කළා, ක්‍රීඩකයන් නැතිනම් ක්‍රීඩාවක් නෑ, ඔවුන් රැකගත යුතුයි. ක්‍රීඩකයන් නොසලකා කටයුතු කිරීම හරියට මනමාලයා සහ මනමාලි නොමැතිව මංගල්‍ය උත්සවයක් පවත්වනවා වගේ වැඩක්” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button