දේශපාලකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවට අත පොවයි – තමන්ගේ හිතවතෙක් කණ්ඩායමට දාගන්න ක්‍රිකට් සභාපතිවරයාගේ නිවසට ඇවිත්!

මෙරට දේශපාලනය ඇතැම් විටෙක ක්‍රීඩාවට අත පෙවීම අලුත් දෙයක් නොවේ. එම දේශපාලකයන්ගේ මැදිහත් වීම් නිසා මෙරට ක්‍රීඩාව ඇද වැටෙන බවත් නොරහසක්.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පරාජයන් මතින් හිස ඔසවමින් සිටිනා සමයක එලෙසට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් කරනා දේශපාලකයෙක් පිළිබඳව වාර්තා වෙනවා.

ඔහු සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරයි.

පාර්ලිමේන්තුව තුලදීත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව විවිධ චෝදනා කළ ඔහු පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ නිවෙසට පැමිණ තිබෙනවා.

වාර්තා වන අන්දමට ඔහු මෙලෙස ක්‍රිකට් සභාපතිවරයාගේ නිවෙසට පැමිණ ඇත්තේ තමන්ගේ හිතවතෙකු ජාතික කණ්ඩායමට ඇතුලත් කරන ලෙසට බලපෑම් කිරීමටයි.

මින්පෙරත් නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කුරුණෑගල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන සිය ම්තුරෙකුගේ පුත්‍රයෙකු ජාතික කණ්ඩායමට එක් කරන ලෙස තේරීම් කමිටුවටත් බලපෑම් කර තිබෙන බවත් වාර්තා වූවා.

කෙසේ වෙතත් ක්‍රිකට් සභාපතිවරයා මේ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන්.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලකයන්ගේ අයුතු බලපෑම් වලින් රැක ගැනීම ක්‍රිකට් පරිපාලකයන්ගේ මෙන්ම ක්‍රිකට් රසිකයන්ගේද වගකීමක්.

එම නිසා මෙම සිදුවීමට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ලබා ගනු ඇතැයි ක්‍රීඩාවට ආදරය කරනා ක්‍රීඩා මාධ්‍යවේදීන් වශයෙන්ද, ක්‍රිකට් රසිකයන් වශයෙන්ද අප බලාපොරොත්තු වෙමු.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button