ජනපති ගෝඨා ක්‍රිකට් ප්‍රශ්නය අතට ගනියි – ක්‍රිකට් ලොක්කන් සමග හමුවීම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පැන නැගී ඇති අර්බුධය රටේ ඉහළතම බලධාරීන්ගේද අවදානය ලක්ව තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද(14) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හමුව සඳහා හිටපු සුපිරි ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන ඇතුලු ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින්ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දියුණු කළ යුතු ආකාරයට අදාළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට නියමිතයි.

ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද මෙහිදී අවධානය යොමු වන ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button