“ජාතිවාදී වූවාට සමාවෙන්න” ක්විංටන් ඩී කොක් සමාව ඉල්ලා හරිමගට එයි – ඉදිරි තරග ක්‍රීඩා කිරීමටත් සුදානම්!

මින්පෙර “බ්ලැක් ලයිව්ස් මැටර්” ව්‍යාපාරය වෙනුවෙන් සහභාගී වීම ප්‍රතික්ෂේප කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ක්විංටන් ඩි කොක් රසිකයන්ගෙන් සහ සිය කණ්ඩායම් සඟයන්ගෙන් සමාව ඉල්ලා තිබේ.
අතීතයේ පටන් වහල් භාවයට පත් වූ කලු ජාතික ජනතාවට ගෞරව කිරීමක් වශයෙන් මෙම “බ්ලැක් ලයිව්ස් මැටර්” දන නැවීම සිදු කරයි.
ලොව සෙසු සෑම ක්‍රීඩාවකම ජනප්‍රිය වූ මෙම ක්‍රියාව, විරාත් කෝලි, කුමාර් සංගක්කාර වැනි ක්‍රිකට් ලොවේ මහත්වරුන් විසින් ක්‍රිකට් ලෝකයේ ප්‍රචලිත කිරීමට දායකත්වය දැක්වූවා.
කෙසේ වෙතත් පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේදී ක්විංටන් ඩි කොක් මෙම සැමරුමට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම මහා ආන්දෝලනයට තුඩු දුන්නා.
ක්විංටන් ඩි කොක් මින්පෙරද කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ කලු ජාතික ක්‍රීඩකයන්ට එරෙහිව කටයුතු කර තිබෙන බවට චෝදනා එල්ල වූවා.
ඒ සමගම වහා ක්‍රියාත්මක වූ දකුණු අප්‍රිකානු ක්‍රීකට් ආයතනය ක්විංටන් ඩි කොක් කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ එම ක්‍රියාව ලොව පුරා වාර්ගික සාමය ඇති කිරීම උදෙසා කටයුතු කරන ආයතනයන්ගේ ප්‍රශංසාවට ලක් වුනා.
කෙසේ වෙතත් තමන් ඒ සිදුකළ ක්‍රියාව පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලන බව ක්විංටන් ඩි කොක් පවසනවා. තමන් ඉදිරියට දන නැවීමේ ගෞරව කිරීමට සහභාගී වන බවත් ඔහු පවසනවා.
මේ අනුව ලෝක කුසලානයේ ඉදිරි තරග වලට ක්විංටන් ඩි කොක් සහභාගී වනු ඇත.