සුපිරි පිතිකරුවන් හමුවේ ලකුණු හතරක් ආරක්ෂා කරමින් සංගාට ජය ගෙනා ත්‍යාගිගෙ සුපිරි පන්දු වාරය!

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවැති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් පෙරළිකාර ජයක් ලැබීමට කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධූරය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

ඒ අවසන් පන්දු වාර දෙක තුලදී ලකුණු අටක් ආරක්ෂා කරමින් යැවූ විශිෂ්ඨ පන්දුයැවීම හේතුවෙනි.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 185ක් රැස් කළා. රාජස්ථාන් කණ්ඩායමර සාර්ථක ආරම්භයක් ලබා දුන් එවින් ලුවිස් හා යශස්වි ජයිස්වාල් ලකුණු 54ක සබදතාවයක් පළමු කඩුල්ලට ගොඩ නැගුවා.

ලුවිස් පන්දු 21කින් ලකුණු 36ක් ලබා ගත් අතර, ජයිස්වාල් පන්දු 36කින් ලකුණු 49ක් ලබා ගත්තා. ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 17ක් තුල ලකුණු 25ක් රැස් කළා. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මහිපාල් ලොම්රොර් පන්දු 17කින් ලකුණු 43ක් රැස් කළේ යෝද හයේ පහර 4ක් ද සමගින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ ලකුණු 184ක් පමණයි.

පංජාබ් කණ්ඩායම වෙනුවෙන් සුපිරි ආරම්භයක් ලබා දිමට කේ.එල් රාහුල් හා මයාන්ක් අගාර්වල් සමත් වුණා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 120ක්. රාහුල් ලකුණු 49(33)ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින්. අගාර්වල් ලකුණු 67(43)යි. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් එල්ල කරමින්.

නිකලස් පූරාන් පන්දු 22කින් ලකුණු 32ක් ද, ඒඩ්න් මාක්‍රම් පන්දු 20කින් නොදැවී ලකුණු 26ක් ද රැස් කළා.

පංජාබ් කණ්ඩායමට අවසන් පන්දු 15 තුළ ලබා ගත යුතු වූයේ ලකුණු 10ක් පමණයි. අවසන් පන්දුවාර 2 තුළ ලකුණු 8ක් ද, අවසන් පන්දුවාරයේ දී ලකුණු 4ක් ද ඔවුන්ට තරගය ජය ගැනීම සදහා අවශ්‍ය වුණා.

ඉනිමේ අවසන් පන්දුවාරය යොමු කළේ කාර්තික් ත්‍යාගි. ඔහු එම පන්දුවාරයේ දී එක් ලකුණක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දී නොතිබූ ජයක් රාජස්ථාන් පිලට ගෙන ඒමට සමත් වුණා. ඒ, අවසන් පන්දුවාරයේ දී නිකලස් පූරාන්ගේ හා දීපක් හූදාගේ කඩුලු ද දවා ගනිමින්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button