රංගන හේරත්ට බංග්ලාදේශයෙන් ආරාධනාවක්

හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කිරීමේ සුදානමක් පිළිබඳව වාර්තා වෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ රංගන හේරත් සිය පළමු තේරීම බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රංගන හේරත් පවසන්නේ ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත වූ බවයි.

මේ වනවිට 43 හැවිරිදි රංගන හේරත් ලොව විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා ලෙස සැලකෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button