තරගාවලියේ විශිෂ්ඨතම පන්දුවත් යොමු කරයි – ශේන් වෝර්න් සිහි ගන්වන යොවුන් ශ්‍රී ලාංකික පාදග පන්දු යවන්නා!

මේ වනවිට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෙක් යොමු කළ පන්දුවක් ක්‍රිකට් විචාරකයන් අතර කතාබහට ලක්ව තිබේ.
තරගාවලියේ පස්වැනි ස්ථානය සඳහා වන වටයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු යොවුන් කණ්ඩායම ඊයේ තරග වැදුනා.
එහිදි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම ලකුණු 65කින් පරාජයට පත් කිරීමට සමත් වුනා.
මෙහිදි තරගාවලිය පුරා ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ලබා ගත් රැස් කළ ලකුණු 113න් ශක්තිමත් වෙමින්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව්, රවීන් ද සිල්වා හා ශෙවෝන් ඩැනියල් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.
මෙහිදී මයිකල් කෝප්ලෑන්ඩ්ගේ කඩුල්ල බිඳ හෙළීමට රවීන් ද සිල්වා යොමු කළ සුපිරි පා දඟ පන්දුව මෙලෙසට කතාබහට ලක්ව තිබේ.
මෙම පන්දුවේ දඟ කැවීම පිළිබඳ කිසිඳු අදහසක් පිතිකරුට නොතිබූ අතර පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදුනා.
ක්‍රිකට් විචාරකයන් ප්‍රකාශ කළේ මෙම පන්දුව මෙවර තරගාවලියේ දුටු විශිෂ්ඨතම පන්දුව ලෙසය.
එහි දර්ශන පහතින්,
— cric fun (@cric12222) January 31, 2022