රෝයල් – තෝමස් මහා ක්‍රිකට් තරගයට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් අවසර

කොළඹ රාජකීය විදුහල හා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර මෙම වසරේදී පැවැත්වීමට සූදානම් කර තිබෙන 142 වෙනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් අවසර ලබා දී තිබේ.

ඒ තරගය සඳහා පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය.

මේ අනුව කොවිඩ් නිවාරණ නීති රීති යටතේ, සැප්තැම්බර් මස 9, 10, 11 යන දිනවල සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වීමට නියමිතව තිබේ.

නිල් මහා සටන පසුගිය මැයි මස 6, 7, 8 යන දිනවල නරඹන්නන්ගෙන් තොරව සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් කර තිබුණද කොවිඩ් වසංගතය පැතිරීම වේගවත් වීම හේතුවෙන් එය අත්හිටුවීමට තරග සංවිධායකයන්ට සිදු විය.

වර්ෂ 1880 දී ආරම්භ වූ ‘නිල් මහ සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය ලෝකයේ පැරණිම පාසල් ක්‍රිකට් තරගය සැලකේ. 2020 මාර්තු මාසයේදී දේශීය වශයෙන් වසංගතයක් ලෙස කොවිඩ් රෝගය ඉස්මතුවීමට පෙර එම වසරට නියමිතව තිබූ 141 වෙනි ‘නිල් මහ සටන’ පවත්වා අවසන් කළහ.

එම නිසා කිසිඳු වසරක හෝ මඟ නොහැරී තරගය අඛණ්ඩව පැවැත්වීමට පාසල් දෙකට හැකියාව ලැබී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button