ශ්‍රී ලංකාව හැරදා ගිය සුපිරි පුහුණුකරු සජිත් ප්‍රනාන්දු ඇමෙරිකාවේදි ශූරතා දිනමින් වැඩ පෙන්වයි!

ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරු සහ ජාතික තේරීම් කමිටු සමාජික සජිත් ප්‍රනාන්දු මේ දිනවල සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේයි. ඒ එරට පාසල්, විශ්ව විද්‍යාල සහ යොවුන් ක්‍රිකට් ක්‍රීඩාව වැඩි දියුණු කිරීමට සිය විශේෂඥ සහය ලබා දෙමින්.

ඔහු එරට දකුණු ෆොර්‍ර්නියා විශ්ව විද්‍යාල කණ්ඩායමේත් පුහුණුකරුවෙක් ලෙසින් කටයුතු කරයි. එහිදි ඔහු එරට USC1 කලාපයේ ශූරතාවයද සිය කණ්ඩායම සමග දිනා ගැනීම විශේෂත්වයකි.

ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ආගන්තුක ක්‍රීඩාවක් වන ඇමෙරිකාව, මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද ජය ගැනීමට සැලසුම් සකසමින් සිටියි. ඒ අනුව ඔවුන් ලොව පුරා දක්ෂතම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සිය රටට ගෙන්වාගෙන කණ්ඩායමක් සහ යාන්ත්‍රණයක් සකසමින් සිටියි.

මෙහිදි සජිත් ප්‍රනාන්දු එරට ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සමාජිකයෙක් ලෙසත් කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සැලකෙන්නේ ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂතම පුහුණුකරුවෙකු ලෙසිනි. ඔහු කලක් මෙරට ක්‍රීඩා විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කරමින් රසික ආදරය දිනා ගත්තා.

ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්තාව නොලදත් ඔහු මෙරට පළමු පෙළ අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙකුද විය. ඔහු මෙරට පළමුපෙල ලකුණු 10,000ට වඩා රැස් කර කඩුලු 250කට වඩා දවාගෙන තිබීමද විශේෂත්වයකි.

ඔහු වැනි දක්ෂයන් ශ්‍රී ලංකාව හැරදා විදෙස් ගත වීම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් බව නම් සැකයක් නැත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button