ක්‍රීඩකයන් දෙදෙනෙකු තරග පාවා දී ඇතැයි කියූ The Morning පුවතට තේරීම් කමිටුවෙන් පිළිතුරු

ඊයේ නිමාවූ දකුණු අප්‍රිකානු තරගාවලියේදි කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු හිතාමතාම දස්කම් නොදක්වා තිබෙන බව හෙළිව තිබෙන බව මින්පෙර The Morning පුවත්පත වාර්තා කළ පුවත ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සමාජික රොමේෂ් කළුවිතාරණ මහතා පවසනවා.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කළුවිතාරණ පවසන්නේ මෙවැනි සිදුවීමක් සිදු නොවූ අතර, සමාජජාලා මාධ්‍යයන්ගේ හුවමාරු වන මෙම පුවත සත්‍යතාවයකින් තොර බවයි.

අද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙරට පළවන ජාතික පුවත්පතක් වන The Morning පුවත්පත වාර්තා කර තිබුනේ මුල් පෙල පිතිකරුවෙක් සහ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු නැගී එන යොවුන් ක්‍රිඩකයන්ගෙන් පිරි වර්තමාන කණ්ඩායම බිඳ දැමීම උදෙසා හිතාමතාම දස්කම් නොදක්වා තිබෙන බව හෙළිව ඇති බවයි.

මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට තේරීම් කමිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත් එම පුවතේ සඳහන්ව තිබුනා.

රොමේෂ් කළුවිතාරණ මහතාගේ සටහන,

The Morning පුවත්පත විසින් පළ කර තිබූ පුවත

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button