“අපි ක්‍රිකට් එක ගොඩ දැම්මා, නවසීලන්තයටත් වඩා දැන් අපිට ඩොලර් තියෙනවා” ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා!

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව අමෙරිකානු ඩොලර් මිලියන 40 ක ස්ථාවර තැන්පතුවක් පවතින බව ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා.

කොලඹ ඊයේ පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ නවසීලන්ත ක්‍රිකට් ආයතනය සතුව ඇත්තේ ද ඩොලර් මිලියන 35 ක පමණ මුදලක් පමණක් බවයි.

එහිදි සභාපතිවරයා ප්‍රකාශ කළේ මෑතක් වන තුරුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අයි.සී.සියේ ණය මුදල් මත යැපුණු බවය. එමෙන්ම ක්‍රීඩකයින්ට හා සේවකයින්ට වැටුප් ගෙවීමට සිදු වූයේ එම ණය මුදල්වලින් බවත් සභාපතිවරයා මෙහිදි සදහන් කළා.

කෙසේ වෙතත් සිය පාලනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යළිත් මූල්‍ය ස්ථාවරත්වය ගෙන ආ බවත්, පසුගිය වසර කිහිපයේ සිට එලෙස ණය ගැනීමේ අවශ්‍යතාවයක් ඇති නොවූ බවත් ක්‍රිකට් සභාපතිවරයා පවසනවා.

2011 වසරේ දී ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැති ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 20.5 ක මුදලක් හිමි වූ පසුබිමකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්භාවයට පත් වූ බවත්, ක්‍රීඩකයින්ට හා සේවකයින්ට වැටුප් ගෙවූවේ අයි.සී.සීයෙන් ලබා ගත් ණය මුදලක් තුළින් බවත් එහිදි සභාපතිවරයා ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button