ලොවම කතා කරන යොවුන් ශ්‍රී ලංකා තරුව දුනිත් වෙල්ලාලගේ ඉන්දීය ප්‍රීමියර් ලීගයටත් ඉල්ලයි!

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාම සහ මිල අධිකම ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, 2022 වසරේ සිට නව මුහුණුවරක් ගෙන තිබේ.
ඒ තරගාවලියට නව කණ්ඩායම් දෙකක්ද එක්වී තරගාවලියේ මුළු කණ්ඩායම් සංඛ්‍යාව දහයක් දක්වා ඉහළ යෑම හේතුවෙන්.
තරගාවලියට ලක්නව් නගරය සහ අහමදාබාද් නගරය අලුතෙන් එක්වී තිබේ.
එම හේතුවෙන් ක්‍රීඩකයන් සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිව තිබෙනා අතර ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද ලංසු ඉදිරිපත් වේ යැයි ක්‍රීඩා විචාරකයන් මත පළ කර සිටිනවා.
තරගාවලිය සඳහා මෙවර දනමයෙන් පහළ ලෝක කුසලානයේ දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේත් වෙන්දේසියට ඉදිරිපත් කරන ලෙසද ඉල්ලීමක් ඉදිරිපත්ව තිබුනා.
මේ අනුව ඉන්දීය ප්‍රීමියර් ලීග ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා දහනමයෙන් පහළ ක්‍රීඩකයන් අයි.පී.එල් වෙන්දේසියට ඉදිරිපත්ව කතා බහට ලක්වී තිබීම විශේෂත්වයක්.
දුනිත් වෙල්ලාලගේ සමඟ ශ්‍රී ලංකා ක්‍රිඩකයන් 21 දෙනෙකු මෙවර IPL ක්‍රිඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබේ. එම ලැයිස්තුව සහ ඔවුන්ට හිමිවූ වටිනාකම් පහතින්,
වනිඳු හසරංග – ඉන්දීය රුපියල් ලක්ෂ 100
මහීෂ් තීක්ෂණ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
දුෂ්මන්ත චමීර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50
අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50
භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50
පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50
දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ලහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50
කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20
තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50
නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20
සීකුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50
ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50
දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20