ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද තරග බිමට – චන්දි සැලසුම් පහදයි!

T20 ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය බංග්ලාදේශය සමග අබුඩාබිහී දී අද(12) පැවැත්වෙනවා.

මේ තරගය සදහා ඉන්දීය ප්‍රීමියර් ලීගයට එක්වූ වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර අද තරගයට බොහෝ විට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කරනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඔන්ලයින් හරහා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා එක්වී සිටි වනිදු හා දුෂ්මන්ත පසුගිය 10 වෙනිදා ශ්‍රී ලංකා සංචිතය සමග එක් වුණා.

මේ අතර, තමන්ට මේ වන විට කණ්ඩායම තුළ පැවරී ඇති රාජකාරිය වන්නේ කඩුලු රැකීමේ කාර්යය හා ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීම බව චන්දිමාල් ප්‍රකාශ කළා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය තරගවලින් විවේක ගැන් වූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා යළි කණ්ඩායමට පැමිණීමත් සමග චන්දිමාල්ගේ භූමිකාව කෙබදු ආකාරයක් ගනු ඇත්දැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් අදහස් දැක් වූ අයුරු පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button