T20 ලෝක කුසලානයට සංචිතය නම් කිරීමට සියල්ල සුදානම් – ඇතුලට එන්නේ කවුද ?

එළඹෙන T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීමට සියල්ල සුදානම් බව වාර්තා වේ. එළඹෙන 10 (අනිද්දා) දිනට පෙර ශ්‍රී ලංකා සංචිතය නම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යයට පවසනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ නීති වලට අනුකූලව මෙවර T20 ලෝක කුසලානය සඳහා වන සංචිතය එළඹෙන 10 වන දිනට පෙර ප්‍රකාශයට පත් කළ යුතුයි. මෙවර ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ අතිරේක ක්‍රීඩකයන් 4 දෙනෙකු නම් කෙරෙනු ඇත. නම් කරන සංචිතයේ වෙනස් කම් සිදු කිරීම සංචිතයේ වෙනස්කම් සිදු කිරීම සදහා ඔක්තෝබර් 10 වනදා දක්වා සිදු කළ හැකියි.

ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය පසුගිය දේශීය හා ජාත්‍යන්තර T20 තරග වල දැක්වූ දස්කම් සහ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ දස්කම් මත තීරණය කරන බවත් ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ඔක්තෝම්බර් 17 වැනිදා සිට, අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය සඳහා සෘජුව සුදුසුකම් ලබා නොමැති අතර ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටය ක්‍රීඩා කරනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන ප්‍රථම තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button