ලෝක කුසලානය සඳහා නම් කළ නිල ශ්‍රී ලංකා සංචිතය මෙන්න (Breaking News)

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කෙරුනා.

15 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ දසුන් ශානකටයි. නුවන් ප්‍රදීප්ටට සංචිතයේ ස්ථානයක් වෙන්ම තිබීම විශේෂත්වයක්.

පසුගිය දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේ ජාත්‍යන්තර වරම් දිනා දස්කම් දැක්වූ මහීෂ් තීක්ෂණටත් කණ්ඩායමේ ස්ථානයක් වෙන්ව තිබේ. ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කටයුතු කරනවා.

කලකින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩා නොකළ බිනුර ප්‍රනාන්දුත් සංචිතයට ඇතුලත්ව තිබේ.

ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

දසුන් ශානක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ

අතිරේක

ප්‍රවීන් ජයවික්‍රම, පුලින තරංග, ලහිරු කුමාර, ලහිරු මදුශංක

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button