පැතුම් නිස්සංකත් පැරෂූටයෙන් ඇතුලට – ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා අවසන් සංචිතය නිකුත් කෙරේ!

T20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන 15 දෙනෙකුගෙන් යුතු අවසාන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද(10) ප්‍රකාශයට පත් කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට මින්පෙර නම් කළ අතිරේක ක්‍රීඩකයන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් පුළුල් සංචිතයක් ඕමානයේ රැදී සිටිනවා. එම සංචිතය සමග අද උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධනත් එක් වූවා.

මෙම සංචිතය, පෙර සංචිතයට වඩා වෙනස්කම් කිහිපයක් සමගින් පැවතීම විශේෂත්වයක්.

මේ අනුව පෙර නම් කළ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ රැදී සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු නව සංචිතයේ නම් කර නැහැ.

එමෙන්ම නුවන් ප්‍රදීප් ද පසුගියදා ඕමානයට එරෙහිව පැවැති පළමු 20යි 02 තරගයේ දී ආබාධයකට ලක් වූ බැවින් ඔවුන් දෙදෙනා වෙනුවට බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාර සංචිතයට කැදවා තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් ක්‍රීඩාව උදෙසා ප්‍රසිද්ධියක් උසුලන පැතුම් නිස්සංකද සංචිතයේ ස්ථානයක් හිමි කර තිබීම විශේෂයි.

අකිල ධනංජය ද අවසන් සංචිතයට නම් කර ඇති අතර, ප්‍රවීන් ජයවික්‍රමට ඒ අනුව සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

ලෝක කුසලානය සදහා මින් පෙර නම් කළ මූලික සංචිතවලට සංශෝදන එක්කරමින් අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ලබා දී ඇති අවසන් දිනය අදයි.

ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එළඹෙන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කළ අවසන් නිල සංචිතය

Dasun Shanaka (C), Kusal Janith Perera, Dinesh Chandimal, Dhananjaya De Silva, Pathum Nissanka, Charith Asalanka, Avishka Fernando, Bhanuka Rajapaksa, Chamika Karunaratne, Wanindu Hasaranga, Dushmantha Chameera, Lahiru Kumara, Maheesh Theekshana, Akila Dananjaya, Binura Fernando

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button