රන්දික සවිමත් වෙයි – දඹුල්ල පරදා ගාල්ලට ජය!

මේ දිනවල කොළඹදි පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් ජයක් ලැබීමට දකුණු පළාත නියෝජනය කරන ගාල්ල කණ්ඩායම ඊයේ (28) සමත් වුනා.

ඒ දඹුල්ල කණ්ඩායම කඩුලු පහකින් පරාජයට පත් කරමින්.

තරගාවලියේ පස්වන තරගය ලෙස මෙම තරගය කොළඹ SSS පිටියේ පැවැත්වුනා. එහිදි කාසියේ වාසිය ජය ගත් ගාල්ල කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.

එහිදි නායකයාගේ තීරණයට සාධාරණයක් ඉටු කරමින් ගාලු වේග පන්දු යවන්නන් සුවිශේෂි දස්කම් දක්වමින් දඹුලු කණ්ඩායමේ ප්‍රථම කඩුලු පහ ලකුණු 33කට දවා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් හය වෙනි කඩුල්ල වෙනුන් දුෂාන් හේමන්ත සහ පවන් රත්නායක ලකුණු 47ක සබදතාවයක් ගොඩ නැගුවා.

මේ අනුව දඹුල්ල කණ්ඩායම පන්දුවාර 49.3 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 165ක් රැස් කළා.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් හේෂාන් හෙට්ටිආරච්චි සහ ධනංජය ලක්ෂාන් කඩුලු තුන බැගින් බිඳ හෙලුවා.

ලකුණු 166 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායම පන්දුවාර 34.2ක් තුල තරගයේ ජය තමන් සතු කරගත්තේ කඩුලු 7 ක් බිඳ වැටී තිබියදී.

එහිදි ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ අශාන් රන්දික පන්දු 38ක් තුල ලකුණු 49 ක් වාර්තා කළා. ඔහුගේ ඉනිමට යෝද හයේ පහරවල් පහක් ඇතුලත් වුනා.

ඔහුට අනගි සහයක් ලබා දුන් ධනංජය ලක්ෂාන් පන්දු 29ක් තුල ලකුණු 32ක් රැස් කළා.

තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුව,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button