අර්ජුන – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුම දුරදිග යයි, අර්ජුනට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නඩු මගට!

ජාතික ක්‍රීඩා සභාවේ (NSC) සභාපති අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අර්බුධයක් ඇතිවී තිබෙන බව ක්‍රිකට් ග්ලෝරි අප මින්පෙර වාර්තා කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් ද සිල්වා මහතා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට ක්‍රීඩා අමාත්‍යංශය අවසර නොදුන් පුවතත් ප්‍රථමයෙන්ම වාර්තා කළේ අපයි.

එවන් පසුබිමක ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙන බව වාර්තා වේ.

ඒ තනතුර භාර ගැනීමෙන් පසු අර්ජුන රණතුංග රූපවාහිනි නාළිකාවක් සමග එක්වී සිදු කළ ප්‍රකාශයකින් ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි වූවා යැයි පවසමින්.

ක්‍රිකට් විධායක සභාව අද (15) රැස්වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවත්, එහි තීරණය වූ අයුරින් අර්ජුන රණතුංගට එන්තරවාසි යවන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button