දකුණේ මිනිස්සු රටේම ක්‍රිකට් ඔසවයි – ක්‍රීඩාංගනය පිරී යයි, අවසානයේ සියල්ල පිරිසිදුත් කරලා!

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ දින පැවැත්වූනා.

ඒ හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතරයි.

එහිදී අවසන් මහා තරගයට පෙරම තරගයේ ප්‍රවේශ පත්‍ර විකිණී අවසන්ව තිබූ අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට සහය දැක්වීමට හම්බන්තොට දිස්ත්‍රීක් ජනතාව බොහෝ සෙයින් ක්‍රීඩාංගණයට පැමිණ තිබෙනවා.

ඒ හේතුවෙන්ම කලකට පසු මෙරට ක්‍රීඩාංගණයක් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරි ගොස් තිබුනා. ඊයේ තරගය සඳහා හිමිවූ මේ ඉහළ රසික සහභාගීත්වය ක්‍රිකට් විස්තර විචාරකයන්ගේත් වර්ණනාවට ලක්වුනා.

මේ අතර තරගයෙන් පසු ක්‍රීඩාපිටියට පැමිණි සිටි තරුණ පිරිස් ක්‍රීඩාපිටිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කර පිටව යාමත් විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button