ගමේ තරුණයන්ටත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්තාව – හෙට සිට ක්‍රිකට් ආයතනයෙන් අලුත් වැඩක්!

දුර බැහැර පළාත් වල තරුණ තරුණියන්ට ජාතික කණ්ඩායමේ ඉඩ වෙන් කිරීමේ අරමුණින් යුතුව ආරම්භ වෙන “ක්‍රිකට් ගමට” කුසලතා ගවේෂණ වැඩසටහන එළඹෙන 18 වැනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රීක්කය තෝරා ගෙන තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඉල්ලීමක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ. රොෂාන් රණසිංහ නියෝජනය කරන දිස්ත්‍රීක්කය වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයයි.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන පාසැල්වල, ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි දරු දැරියන්ගේ දක්ෂතා ගවේෂණයයි.

ප්‍රථමයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර ගනිමින් ඔවුන් අතරින් දක්ෂතමයින් තෝරා ගැනීම ලබන 18 වැනිදා පොලොන්නරුව රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ කෙලෙසක හෝ පොළොන්නරුවේ ක්‍රීඩකයෙකු ජාතික සංචිතයට නම් කළ යුතු යැයි ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් පරිපාලනයටත් දන්වා තිබෙන බවයි.

පළමු අදියර යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හත ආවරණය වන පරිදි ප්‍රාදේශීය ක්‍රිකට් සංවර්ධන මධ්‍යස්ථාන 07ක් මෙම වැඩසටහන යටතේ ස්ථාපිත කෙරෙනවා.

මෙම වැඩසටහන පැවැත්වෙන දිනය හා ස්ථාන පහතින්.

2022/09/18 : තමන්කඩුව – රාජකීය විදුහල් ක්‍රීඩාංගනය

2022/09/19 : වැලිකන්ද – සෙවනපිටිය විදුහල් ක්‍රීඩාංගනය

2022/09/20 : දිඹුලාගල – අරලගංවිල විලයාය ජාතික පාසැල් ක්‍රීඩාංගනය

2022/09/21 : ලංකාපුර – විජිත මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනය

2022/09/22 : හිඟුරක්ගොඩ – ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගනය

2022/09/23 : මැදිරිගිරිය – මැදිරිගිරිය ජාතික පාසැල් ක්‍රීඩාංගනය

2022/09/24 : ඇලහැර – බකමූණ මහවැලි ක්‍රීඩාංගනය

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button