චරිත් අසලංකගේ නම කැපෙයි – ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ තීරණය මෙන්න මෙන්න!

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(21) ආරම්භ වීමට නියමිත ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී චරිත් අසලංකට ටෙස්ට් වරම් ලබා නොදීමට ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න තීරණය කර තිබෙන බව වාර්තා වේ.

හෙට තරගයට පැතුම් නිස්සංක ක්‍රීඩා කරවීමට ඔහු තීරණය කර තිබෙන අතර, ආරම්භක පිතිකරුවන් ලෙස දිමුත් සහ පැතුම් නිස්සංක කටයුතු කිරීමට නියමිතයි.

ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන අන්දමට අංක 3 පිතිකරු ලෙස ඕෂද ප්‍රනාන්දුත්, කඩුලු රකින පිතිකරුවා ලෙස දිනේෂ් චන්දිමාල්ද කටයුතු කිරීමට නියමිතය.

මෙම තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම පිතිකරුවන් 6 දෙනෙකු හා පන්දු යවන්නන් 5 දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට නියමිත බවත් Cricket Glory වෙත වාර්තා වේ.

පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා කණ්ඩායමට එක්ව තිබේ.

දග පන්දු යවන්නන් ලෙස ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් යන ප්‍රධාන දග පන්දු යවන්නන් තිදෙනාම ක්‍රීඩා කිරීමට නියමිත බවත් වාර්තා වේ. මන්ද ගාලු තනතීරුව දඟ පන්දු යවන්නන්ට හිතකර තනතීරුවක් වන බැවිනි.

සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වනු ඇති.

පළමු ටෙස්ට් තරගය හෙට පෙරවරු දහයට ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පෙරවරුවේ දී සිය අවසන් පුහුණු සැසියටත් එක් වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button