අද පුහුණුවීම් වලදි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිදු කළ අලුත්ම වෙනස

එළඹෙන ඉන්දීය සංචාරය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද සිට යළි පුහුණුවීම් ආරම්භ කළා.

ඒ, සියලු ක්‍රීඩකයින්ට සිදු කළ තවත් PCR පරීක්ෂණයකින් පසු ක්‍රීඩකයන් කිසිවෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට හදුනා ගැනීම හේතුවෙන්.

මින්පෙර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුට සහ දත්ත විශ්ලේෂකයෙකුට කොරෝනා වැළඳි තිබුනා. නමුත් ක්‍රීඩකයන් පිතිකරණ පුහුණුකරුවා සහ දත්ත විශ්ලේෂකයා සමග කටයුතු නොකර තිබූ නිසා ඔවුන් කිසිවෙකුටවත් වෛරසය ආසාදනය වී තිබුනේ නැහැ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (13) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය ලබන 18 වනදා දක්වා කල් දැමීමටයි පසුව තීරණය කෙරුණේ.

කෙසේ වෙතත් පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර ලැබුණ ද, ඔවුන් පුහුණු කටයුතු වල නිරත වෙන්නේ පුහුණු කාර්ය මණ්ඩලය නොමැතිවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button