ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ – මෙරට ක්‍රිකට් උරුම කොළඹ, දකුණ සහ නුවරට පමණද ?

එළඹෙන එංගලන්ත තරග සංචාරය සදහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය නම් කර තිබේ.

තෙදින පුහුණු තරගයක්, සිවුදින තරග දෙකක් සහ එක්දින තරග තුනකින් යුතු මෙම තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුලත් කර තිබේ.

යොවුන් කණ්ඩායම අද (14) එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.

ජෙහාන් මුබාරක් ප්‍රධාන පුහුණුකාරීත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කළමණාකරු ලෙස ජයන්ත සෙනවිරත්න කටයුතු කරයි.

මෙම කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනෙකුම නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. නුවරින් ක්‍රීඩකයන් සිවුදෙනෙකු සංචිතයට ඇතුලත් කර තිබේ. දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක තුනෙන් එක් ක්‍රීඩකයා බැගින් ක්‍රීඩකයන් තිදෙනෙකු සංචිතයට ඇතුලත් වී තිබේ.

කෙසේ වෙතත් කොළඹ, නුවර සහ දකුණු හැරුනු කොට සෙසු පළාත්වලින් ක්‍රීඩකයන් නම් නොවීම පිළිබඳව බොහෝ ක්‍රිකට් රසිකයන් සමාජජාලා ඔස්සේ සිය විමතිය ප්‍රකාශ කර තිබුනා.

ඔවුන් එහිදී ප්‍රශ්න කර තිබුනේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව උරුම කොළඹ, දකුණ සහ නුවරට පමණක්ද ලෙසයි.

යොවුන් ශ්‍රී ලංකා සංචිතය –

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button