තේරීම් කමිටුව නම් කර ක්‍රීඩා ඇමතිගේ අනුමැතියට යැවූ නිල නොවන ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.!

T20 ලෝක කුසලානය සඳහා සංචිතයන් නම් කිරීමේ අවසන් දිනය හෙටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කරන බවයි.

මේ වනවිට ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා බංග්ලාදේශය යන රටවල් ලෝක කුසලානය සඳහා සංචිත නම් කර අවසන්.

මේ අතර ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන අන්දමට මෙවර T20 ලෝක කුසලානය සඳහා දිනේෂ් චන්දිමාල් හා මහීෂ් තීක්ෂණ නම් කර තිබේ. එමෙන්ම කමිදු මෙන්ඩිස් සංචිතයට නම් කිරීමටද තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ. සංචිතයේ අතිරේක ක්‍රීඩක ස්ථාන හතර වෙන්ව ඇත්තේ ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, අකිල ධනංජය හා රමේෂ් මෙන්ඩිස්ට බවත් වාර්තා වේ.

විස්සයි විස්ස තරගවල හොඳින් පන්දු යැවූ ලක්ෂාන් සදකැන් හා අශේන් බණ්ඩාරත් ලෝක කුසලාන තරගාවලිය සදහා වන සංචිතයට නම් කර නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් සංචිතයට භානුක රාජපක්ෂ ඇතුලත්. දසුන් ශානකගේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

කණ්ඩායමට පිතිකරුවන් ලෙස කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් නම් කර තිබෙන බව වාර්තා වේ.

කමිදු මෙන්ඩිස්, වනිදු හසරංග, චාමික කරුණාරත්න තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසත්, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙසත්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම දග පන්දු යවන්නන් ලෙසත් සංචිතයට නම් කර ඇති බව සදහන්.

සංචිතයේ 15 වෙනි ස්ථානය පිළිබඳව තවමත් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

මේ අනුව T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

දසුන් ශානක – නායක, ධනංජය ද සිල්වා – උප නායක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්. කමිදු මෙන්ඩිස්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, මහීෂ් තීක්ෂණ

අතිරේක : නුවන් ප්‍රදීප්, පුළින තරංග, ළහිරු කුමාර, ළහිරු මධුසංඛ

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button