“සැලසුම වූයේ මිලර්ගේ පාදයට පන්දු යවා කඩුල්ල දවා ගැනීමයි” අත ලඟ තිබූ ජයක් ශ්‍රී ලංකාවට අහිමි කළ සැලසුම!

මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගය පරාජය වීමත් සමග, තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්තාවන් අවම මට්ටමකට පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා ලකුණු 142ක් රැස් කළා.

සුපුරුදු පරිදි ඉනිම ගොඩනගමින් සිටි චරිත් අසලංක පන්දු 14කින් ලකුණු 21ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම ශ්‍රී ලංකා ඉනිමට දැඩිව බලපානු ලැබුවා.

මෙම තරගයේ දී අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි භානුක රාජපක්ෂ ලකුණු නොලබා දැවී ගිය අතර, අංක 5 පිතිකරු ලෙස පැමිණි අවිශ්ක ප්‍රනාන්දු යළිත් අසාර්ථක වෙමින් ලකුණු 3කට දැවී ගියා. නායක දසුන් ශානක ලකුණු 11ක් රැස් කළේ පන්දු 12ක් වැය කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කණ්ඩායම19 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදි ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

කෙසේ වෙතත් අවසන් පන්දුවාරයට දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 15ක් පමණ රැස් කිරීමට අවශ්‍යව තිබුනා.

ළහිරු කුමාර යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි හා තෙවැනි පන්දුවලට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කළ ඩේවිඩ් මිලර් තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් උදුරා ගත්තා. මිලර් පන්දු 13කින් නොදැවී ලකුණු 23ක් රැස් කළා.

කෙසේ වෙතත් එහිදි ළහිරු කුමාර විසින් ඩේවිඩ් මිලර්ගේ පාද අන්තයෙන් පන්දු යැවීම විශේෂත්වයක්. එහිදී ඩේවිඩ් මිලර් විසින් එක හා සමාන පන්දු දෙකකට හයේ පහර දෙකක් එල්ල කළා.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එම සැලසුම පසුව ප්‍රශ්න කෙරුනා. ඒ සම්බන්ධයෙන් විචාරකයන් ප්‍රකාශ කළේ ක්‍රීඩා පිටියේ දිගු අන්තය ඩේවිඩ් මිලර්ගේ පාද අන්තය බැවින් එම අන්තයෙන් පන්දු යැවූ බවයි.

කෙසේවෙතත් එහිදී ඩේවිඩ් මිලර් පහසුවෙන් එම පන්දු වලට හයේ පහර එල්ල කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button