අබුඩාබි T10 තරගාවලියට සුදුසුකම් ලැබී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අට දෙනා මෙන්න!

පස්වන වරටත් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අවසන් වුණා.

තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 19 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිතව තිබේ.

මරාතා ඇරේබියන්ස්, දිල්ලි බුල්ස්, බංගලා ටයිගර්ස්, ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, ටීම් අබුඩාබි සහ නොදර්න් වෝරියස් ලෙස කණ්ඩායම් 6 ක් මෙවරද තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ලබනවා.

මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා රටවල් 26 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයන් 1186 ක් ලියාපදිංචිවී සිටි අතර එම ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අට දෙනෙකු කණ්ඩායම් හතරක් ක් සදහා තෝරාගනු ලැබුවා.

පසුගියවර ශූරතාවය දිනූ මරාතා ඇරේබියන්ස් කණ්ඩායම එහිදී වැඩිම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛාවක් මිළදී ගත් අතර ඔවුන් මිළදී ගත් ක්‍රීඩකයන් සංඛාව 4 ක්. එම ක්‍රීඩකයන් වන්නේ දුෂ්මන්ත චමීර , චාමික කරුණාරත්න , ධනංජය ලක්ශාන් හා මහේෂ් තීක්ෂණයි.

බංගලා ටයිගර්ස් කණ්ඩායම ක්‍රීඩක වෙන්දේසියට පෙරම ඉසුරු උදාන හා මතීෂ පතිරණ සමගින් ගිවිසුම් අත්සන් කළ අතර ඒ අනුව ඔවුන් දෙදෙනා එම කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති.

හිටපු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු හා නායක උපුල් තරංග එළඹෙන අබුඩාබි T10 තරගාවලියේදී නොදර්න් වෝරියස් කණ්ඩායම සමගින් එකව ඇති අතර පසුගිය වසරේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කළ වනිදු හසරංග මෙවරද එම කණ්ඩායම සමගින් රදවා ගැනීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button