ශ්‍රී ලංකාවේ කඩා වැටීම මැනවින් පෙන්වන එළඹෙන 2022 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන නිකුත් වේ

එළඹෙන 2022 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ කාලසටහන නිකුත් වී තිබේ.

ශ්‍රී ලංකාව 2022 වර්ෂය ආරම්භ කරන්නේ සිම්බාබ්වෙ කණ්ඩායම සමග තරගාවලියකින්. ඒ 2020 වසරේ පැවැත්වීමට තිබූ එහෙත් කල් ගිය තරග සංචාරයකි.

ඉන්පසුව ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වන අතර, ඕස්ට්‍රේලියාව එහිදී ශ්‍රී ලංකාවට කිසිදු ටෙස්ට් තරගයක් හෝ එක්දින තරගයක් ලබා නොදී තිබීම විශේෂත්වයකි. තරගාවලියටම අයත් වන්නේ T20 තරග පහක් පමණි. ඒ පසුව ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයේ ටෙස්ට් තරග දෙකක් ඇතුලත්ව තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු රටක් තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියක් මෙම වසර පුරාවටම ලබා නොදීම විශේෂත්වයකි.

ජනවාරි – සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ( එක්දින තරග 3ක් සහ T20 තරග දෙකක්) (2020 වසරේ සිට කල් දැමූ තරගාවලියකි)

පෙබරවාරි – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය ( T20 තරග පහක්)

මාර්තු – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු තරග සංචාරය ( ටෙස්ට් තරග දෙකක් සහ T20 තරග තුනක්)

මැයි – ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ( ටෙස්ට් තරග දෙකකි) ( 2021 වසරේ දෙසැම්බර් සිට කල් දැමුණු තරගාවලියකි)

මැයි , ජුලි – ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ( ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ T20 තරග තුනකි)

ජුලි, අගෝස්තු – පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ( ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් අඩංගු වේ)

අගෝස්තු – ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තෙවන අදියර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සැප්තැම්බර් – ආසියානු කුසලානය පැවැත්වේ / වයස අවුරුදු 23න් පහළ ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් අතරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.

ඔක්තෝම්බර්, නොවෙම්බර් – 2020 කල් තැබූ T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේදි පැවැත්වීමට සැලසුමක් කර තිබේ.

නොවෙම්බර්, දෙසැම්බර් – ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ( ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක්)

දෙසැම්බර්, ජනවාරි – ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ( එක්දින තරග පහකින් යුක්ත තරගාවලිය)

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button