ලොව සුපිරිතම තරුවක් සමුගැනීමේ තරගයට ක්‍රීඩා කරන්න ග්ලැඩියේටර්ස් සමග එක්වෙයි!

ක්‍රිකට් ගැනීමේ සමුගැනීමේ තරගයක් උදෙසා එදාමෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරිම තරුවක් වන පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක ශහිඩ් අෆ්රිඩි එළඹෙන පාකිස්තාන සුපර් ලීග් (පී.එස්.එල්) ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් යනු මෙරට ලංකා ප්‍රීමියර් ලීගයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ සහෝදර කණ්ඩායමයි.

එළඹෙන පී.එස්.එල් තරග වාරය, අෆ්රිඩි එම තරගාවලිය ක්‍රීඩා කරන අවසන් අවස්ථාව බවත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

අෆ්රිඩි පසුගිය තරග වාරයේ දී ක්‍රීඩා කළේ මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායම සදහායි.

ඔහු පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරග වාරයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සදහාද නායකත්වය ලබා දෙමින් ක්‍රීඩා කළා.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද ලබා ගෙන ඇත්තේ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසිනුයි.

මේ අතර, පසුගිය පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී සුල්තාන්ස් කණ්ඩායම නියෝජනය කළ ජේම්ස් වින්ස්ද ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග එක්ව තිබීම විශේෂයක්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ ඉෆ්ටිකාර් අහ්මඩ්ද ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එක්ව ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එළඹෙන පී.එස්.එල් තරගාවලිය ජනවාරි 27 වනදා සිට පෙබරවාරි 27 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button