T 20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ – ශ්‍රී ලංකාව 18 වැනිදා තරග බිමට

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද (17) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

මේ අනුව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග ඔක්තෝබර් 17 වැනිදා සිට ඇරඹෙනවා. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ඕමානය හා පැපුවා නිව් ගිනියා කණ්ඩායම් අතරයි.

මෙවර තරගාවලියේ තෝරා ගැනීමේ තරග සදහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිත ඇති අතර, ශ්‍රී ලංකාවේ පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව 20 වැනිදා ද, තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා ද පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවට ලෝක කුසලානයේ සුපිරි 12 කණ්ඩායම් අතරට තේරීමට නම් මෙම තරග ජය ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button