ආසියානු කුසලානයේ විශිෂ්ඨතම කණ්ඩායම නම් කෙරේ – නායකත්වය අපේ දස්සාට!

ලොව ප්‍රකට ක්‍රිකින්ෆො වෙබ් අඩවිය විසින් 2022 ආසියානු කුසලානයට ක්‍රීඩා කළ හොඳම කණ්ඩායම නම් කර තිබේ. ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා නායක දසුන් ශානකට හිමි වීම විශේෂත්වයක්.

එමෙන්ම මෙම ක්‍රීඩකයන් 11 දෙනා සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනෙකුම නම් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙක්, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ පාකිස්තාන ක්‍රීඩකයන් තිදෙනෙක් මෙම කණ්ඩායමට නම් කර තිබේ. බංග්ලාදේශයෙන් කිසිදු ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට නම් කර නොතිබීම විශේෂත්වයක්.

කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කුසල් මෙන්ඩිස් හා ඇෆ්ඝනිස්තානයේ රහ්මනුල්ලාහ් ගුර්බාස්.

නොම්මර තුන ස්ථානය ඉන්දියාවේ විරාත් කෝලිටත් නොම්මර හතර ස්ථානය ඇෆ්ගනිස්ථානයේ ඊබ්‍රහීම් සද්රාන්ටත් හිමිව තිබේ.

අංක 5 පිතිකරු වන්නේ භානුක රාජපක්ෂයි. අංක 6 පිතිකරු ලෙස දසුන් ශානකත්, අංක 7 පිතිකරු ලෙස වනිදු හසරංගත් නම් කර තිබීම විශේෂත්වයක්.

පන්දු යවන්නන් ලෙස පාකිස්තානයේ මොහමඩ් නවාස්, ඉන්දියාවේ බුවනේෂ්වර් කුමාර්, පාකිස්තානයේ හැරිස් රවුෆ් හා නසීම් ශාහ් ද කණ්ඩායමට ඇතුලත් කර තිබේ.

එම සංචිතය පහතින්

1) කුසල් මෙන්ඩිස් (wk), 2) රාහ්මනුල්ලා ගුර්බාස්, 3) විරාත් කෝලි, 4) ඊබ්‍රහීම් සද්රාන්, 5) භානුක රාජපක්ෂ, 6) දසුන් ශානක (C), 7) මොහොමඩ් නවාස්, 8) වනිඳු හසරංග, 9) බුවනේෂ්වර් කුමාර්, 10) හැරිස් රාවූෆ්, 11) නසීම් ෂා

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button