“මේ වගේ අමාරු කාලෙකදි අපත් සමඟ තරඟාවලියක් සංවිධානය කරාට ශ්‍රී ලංකාවට ස්තූතියි, ඔයාලා දුන්නු සහයෝගයට ගොඩාක් ආදරෙයි… අපට මේ චාරිකාව කවදාවත් අමතක නොවේවි.” – ඩේවිඩ් වෝනර්

දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ට ද්විත්ව ශතකයත්, ප්‍රභාත් ජයසූරියගේ වාර්තාගත පන්දු යැවීමත් නිසා ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදීම ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමින් ඉනිමකින් සහ ලකුණු 39 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා.

මෙම තරගය ජයගැනීමත් සමගින් වෝන් – මුරලි කුසලාන තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ ශ්‍රී ලංකාව තරඟාවලිය ජය පැරදුමකින් තොරව නිමා කිරීමට සමත් වුනා. මේ සමගම පුරා මාසයකටත් අධික කාලයක් ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයද අවසන් වුයේ කණ්ඩායම් දෙකෙහිම කරට කර දස්කම් සමගිනි.

අද තරඟාවලිය එලෙසින් අවසන් වූ පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ට ස්තුතිවන්ත වෙමින් ඔහුගේ නිල ඉන්ස්ට්ග්‍රෑම් ගිනිමේ අපුරු සටහනක් පල කර තිබුනා.

එහිදී ඩේවිඩ් වෝනර් තැබූ සටහනේ සිංහල පරිවර්තනයක් පහතින්,

“මේ වගේ අමාරු කාලෙකදි අපත් සමඟ තරඟාවලියක් සංවිධානය කරාට ශ්‍රී ලංකාවට ස්තූතියි. ඔයාලා දුන්නු සහයෝගයට ගොඩාක් ආදරෙයි.අපට මේ චාරිකාව කවදාවත් අමතක නොවේවි.”

“රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලා සිනහ මුසු මුහුණුනින් අපව සාදරෙන් පිළිගත්තා එකට තමයි මම ගොඩාක්ම කැමති. නැවත වරක් ස්තූතියි සහ මගේ පව්ලෙ අය සමඟ දවසක මෙහි නිවාඩුවකට පැමිණෙන තුරු මට ඉවසිල්ලක් නැත…”

ඩේවිඩ් වෝනර් තැබූ සටහන පහතින්

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button