සෑම් කරන්ගේ සුපිරි පංදුවෙන් විරාත් කෝලී දැවි ගිය හැටි (Video)

සංචාරක ඉන්දිය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා සිටියා.

මේ අනුව ඔවුන් එංගලන්ත කණ්ඩායමට වඩා ලකුණු 154ක් ඉදිරියෙන් සිටිනවා. නොදැවී පන්දුවට පහර දෙන රිෂබ් පාන්ට් ලකුණු 14ක් සහ ඉෂාන්ත් ශර්මා ලකුණු 4ක් ලබා නොදැවී ක්‍රීඩා කරනවා.

ඊයේ දින ඉන්දීය නායක විරාත් කෝලීගේ දැවී යාම කතාබහට ලක්වුනා. සෑම් කරන් යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දෙමින් කෝලි දැවී ගියා.

කෝලි දැවී ගිය අන්දම පහතින්,

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button