මාස්ටර් මයින්ඩ් මහේල කණ්ඩායම තුල සිදු කළ වෙනස්කම් මෙන්න!

මෙවර ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස හිටපු ක්‍රීඩක සහ පුහුණුකරු මහේල ජයවර්ධන එක්ව සිටිනවා.

මේ වනවිටත් ඔහු කණ්ඩායමේ විවිධ වෙනස්කම් කරමින් සිටින අතර, ඉන් එකක් වන්නේ මින්පෙර ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දු නොම්මර හතර පිතිකරු ලෙස පිටියට එවීමයි. එය මහේල ජයවර්ධන විසින් සෘජුවම ලබා ගත් තීරණයකි.

එයට හේතුව වී ඇත්තේ අවිශ්ක පිටියේ ස්ථාවර වීමට පන්දු කිහිපයක් වැය කරන බවට මහේල විසින් හඳුනාගැනීමයි.

තවද මින්පෙර නොම්මර තුන ක්‍රීඩකයා ලෙස කටයුතු කළ භානුක රාජපක්ෂ නොම්මර පහ පිතිකරුවා ලෙස පිටියට එවීමට තීරණය කළේත් මහේල ජයවර්ධන විසිනි.

තවද වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරගේ පන්දුව පතිත කිරීම පිළිබඳවත්, වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් සමග එක්ව මහේල ජයවර්ධන විසින් උපදෙස් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

මීට අමතරව ප්‍රතිවාදී කණ්ඩායම් හඳුනා ගැනීමත්, ඒ කණ්ඩායම් සමග තරග වලදි භාවිතා කළ යුතු උපක්‍රම පිළිබඳවත් මහේල ජයවර්ධන විසින් නායක දසුන් ශානකට විශේෂ උපදෙස් ලබා දී තිබෙන බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම උපදෙස් වලින් සවිමත් වී තිබෙන බව පෙනී යන්නේ ඊයේ දින (18) ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයේ සහභාගී වූ පළමු තරගයෙන්ම ලැබූ පහසු ජය හේතුවෙනි. එහිදි නොම්මර හතර, පහ ස්ථානයන්ගේ ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ සුපිරි ඉනිම් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත කැඳවාගෙන ගියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button