අයි.සී.සී ලෝක ශූරතාවය ක්‍රීඩා කරමින් අට වැනි ස්ථානය දිනූ ශ්‍රී ලංකාවට හිමිවන මුදල

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට සහ සෙසු කණ්ඩායම් වලට පිරිනැමෙන ත්‍යාග මුදල් අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ශූරයන්ට හිමි වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31 කට අධික වනවා.

තරගාවලියේ අනුශූරයින්ට අමෙරිකානු ඩොලර් අට ලක්‍ෂයක් හිමිවන අතර, තෙවන ස්ථානය සඳහා හිමිවන ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් හාර ලක්‍ෂ පනස්දාහක්.

ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානය හිමි කර ගත් කණ්ඩායමට අමෙරිකානු ඩොලර් තුන් ලක්‍ෂ පන්දහසක් හිමි වනවා. පස්වන වන ස්ථානය හිමිකර කර ගත් කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකකි.

සෙසු කණ්ඩායම් හතර සදහා හිමි වන මුදල ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකි. මේ අනුව කණ්ඩායම් 9 ක් සහභාගි වූ 8 වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් හිමි වනු ඇති.

ප්‍රථම වරට පැවැත්වූ අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය එළබෙන 18 වනදා ඉන්දියාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button