ලෙජන්ඩ්ස් ලීගයේදී තිසර පෙරේරාගෙන් ප්‍රවේගකාරී ඉනිමක් – මුරලිත් වැඩ පෙන්වයි!

ආරම්භ වීමට නියමිත ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති වර්ල්ඩ් ජයන්ට්ස් (World Giants) කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් (India Maharajas) කණ්ඩායම අතර විශේෂ T20 තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත් වුණා.

මෙහිදී වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සහ මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා කළා.

කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු මෙම තරගය ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් සංවිධාන කර තිබුනා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් වර්ල්ඩ් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් වුනා. එහිදි තිසර පෙරේරා පන්දු 16කින් ලකුණු 23ක් රැස් කළා.

කෙවින් ඕබ්‍රයන් පන්දු 31කින් ලකුණු 52ක් ලබා ගත්තා.

ඉන්දීය මහාරජාස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී පංකජ් සිං ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය මහරාජාස් පිල ඉනිම නිමා වීමට පන්දු 8 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4 ක් දැවී සිටියදීයි. ටැන්මේ ශ්‍රීවස්තාවා පන්දු 39කින් ලකුණු 54 ක් රැස් කළ අතර, යුෆුස් පතාන් පන්දු 35කින් නොදැවී ලකුණු 50ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ මුත්තයියා මුරලිදරන් පන්දුවාර 3ක් යවා ලකුණු 23ක් ලබා දුන්නා.

ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් අද (17) සිට ආරම්භ වීමට නියමිත අතර, පළමු තරගය අද රාත්‍රී 7.30ට කොල්කටා හී දී ආරම්භ වන්නේ ගුජරාට් ජයන්ට්ස් හා ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම් අතරයි.

තරගාවලිය සදහා එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

ඉන්දියා කැපිටල්ස් කණ්ඩායම සදහා ෆර්විස් මහරුෆ් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අජන්ත මෙන්ඩිස් ගුජරාත් ජයන්ට්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා රොමේෂ් කලුවිතාරන මනිපාල් ටයිගර්ස් සංචිතයට ඇතුළත්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button