ඉතිරි තරග දෙක සඳහා ප්‍රබල ඕස්ට්‍රේලියානුවන් තිදෙනෙක් විවේක ගන්වයි!

ශ්‍රී ලංකාව සමග අවසාන පන්දුවාර විස්සයි විස්ස තරග දෙක සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් විවේක ගන්වා තිබේ.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වේග පන්දු යවන්නන් තිදෙනා වන පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් ය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඕස්ට්‍රේලියානු නායක ඒරෝන් ෆින්ච් මේ බව තහවුරු කළා.

තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නැතිවම බැරි වූ මේ සුපිරි වේග පන්දුයවන්නන් තිදෙනා මේ වන විට ජෛව බුබුළෙන් ඉවත්ව නිවෙස් කරා ගොස් ඇති බවද ඔෝස්ට්‍රේලියානු නායකයා කියා සිටියා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන පාකිස්තාන තරග සංචාරය සදහා සූදානම් වීම වෙනුවෙන් ඔවුන් මෙලෙසට විවේක ගෙන තිබේ.

ඒ අනුව හෙට(18) පැවැත්වෙන සිව්වැනි T20 තරගය සදහා ජෙයි රිචර්ඩ්සන් හා ඇඩම් සම්පා කැදවීමටද ඉඩ ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button