ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් කැරිබියන් ලීගයට

කැරිබියන් ප්‍රීමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු අලෙවි වී තිබේ. ඒ තුන්ඉරියව් ක්‍රීඩකයන් වන ඉසුරු උදාන සහ වනිඳු හසරංග සහ මෑත කාලයේදී ක්‍රීඩාවෙන් සමුගත් තිසර පෙරේරා යන ක්‍රීඩකයන් තිදෙනාය.

බාර්බඩෝස් ට්‍රයිඩන්ට් කණ්ඩායම විසින් තිසර පෙරේරා මිලට ගෙන තිබෙන අතර ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉසුරු උදානව මිලට ගෙන තිබේ.

වනිදු හසරංග අලෙවි වී ඇත්තේ ශාන්ත කිට්ස් සහ නෙවිස් කණ්ඩායමටය.

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සහ සැප්තැම්බර් 19 වැනිදා දක්වා ශාන්ත කිට්ස් සහ නෙවිස් හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button