ඕස්ට්‍රේලියානු නායකයා කාන්තාවකට අමුතු පණිවිඩ යවලා – දැඩි විනය ක්‍රියාමාර්ග, නායකත්වයත් අහිමි වේ!

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් වහාම ක්‍රියාත්මක වන පරිදි නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබේ.

හෝබාර්ට්හි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ටිම් පේන් මෙලෙසට සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළා.

එයට හේතුව වන්නේ පසුගිය 2017 වසරේ දී තස්මේනයා ක්‍රිකට් හි සේවිකාවක සමග නුසුදුසු (කාමුක) කෙටි පණිවිඩ හුවමාරුවක් සිදු කිරීමේ සිදුවීමක් මෙයට හේතු වී තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් ටිම් පේන් හට නායකත්වය අහිමි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා වේ.

2018 වසරේ දී ටිම් පේන් ඕස්ට්‍රේලියාවේ 46 වැනි ටෙස්ට් නායකයා ලෙස පත් කරනු ලැබුවේ තරග තහනම් කරනු ලැබූ ස්ටීවන් ස්මිත් වෙනුවටයි.

ඔස්ට්‍රේලියාවට අතිශය වැදගත් අලුබදුන තරගාවලියට සති කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී ටිම් පේන්හට මෙලෙසට නායකත්වයෙන් ඉල්ලා අස් වීම විශේෂත්වයක්.

මේ අනුව අළු බදුන සහ ඉදිරි තරගාවලි සඳහා නව නායකයෙක් පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සළකා බලමින් සිටියි.

මින්පෙර ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද සමාජජාලා ඔස්සේ තරුණියන්ට යැවූ පණිවිඩ කිහිපයක්ද මාධ්‍යයට මුදා හැරුනු නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා කිසිම විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button