අතීතය සිහිපත් කරමින් තවමත් පියාඹන තිලකරත්න ඩිල්ෂාන්ගේ සුපිරි පන්දු රැකීම! (VIDEO)

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතාවලියේ තමන් ක්‍රීඩා කළ තෙවන තරගයෙන්ද ජය ලැබීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් වුනා.

ඒ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 11 කින් පරාජයට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා පිලේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිමේ නැංගුරම බවට පත්වූ ජීවන් මෙන්ඩිස් පන්දු 27කින් ලකුණු 43ක් ලබා ගත්තා. එම ඉනිමට යේ පහර 2 ක් හා හතරේ පහර 5ක් ඇතුළත් වුනා. උපුල් තරංග ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ගානට් කෘගර් කඩුලු 2 ක් දවා ගත් අතර, වර්නන් ෆිලැන්ඩර් හා ජොහාන් බෝතා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 154 ක් පමණයි. මෝර්න් වෑන් වික් පන්දු 56 කින් හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 76 ක් රැස් කළා.

මෙහිදී පොයින්ට් කලාපයේ පන්දු රකිමින් සිටි නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දු රැකීමක් අතිශය කතාබහට ලක්වුනා.

ඉසුරු උදානගේ පන්දුවට වෑන් වික් එල්ල කළ පහරක් විශිෂ්ඨ අන්දමින් නැවතූයේ අතීතය සිහිපත් කරමින්.

එම දර්ශන පහතින්,

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර කඩුලු 2 ක් දවා ගත් අතර, තිලකරත්න ඩිල්ෂාන්, ඉසුරු උදාන හා ජීවන් මෙන්ඩිස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ අනුව ක්‍රීඩා කළ තරග තුනම ජයගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා ගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා.

Leave a Reply

Your email address will not be published.

Back to top button