ක්‍රිකට් ආයතනයෙන් තද තීරණයක් – කිසිවක් නොකර දිනකට ලක්ෂ හතක් වැටුප් ගත් ටොම් මූඩි ඉවත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට උපදේශන ක්‍රිකට් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කිරීමට පත් කළ ටොම් මූඩි එම තනතුරින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

පසුගිය සමයේ අරවින්ද සිල්වා ප්‍රමුඛ ක්‍රීඩා තාක්ෂණික කමිටුවක් විසින් ටොම් මූඩිට මෙම තනතුර ලබා දුන්නා.

එම තනතුරට සුපිරි වාහන, තරු පහේ හෝටල් ඇතුලු වරප්‍රසාද මෙන්ම දිනකට ඩොලර් දෙදහසකට ආසන්න වැටුපක්ද (රුපියල් ලක්ෂ හතකට අධික මුදලක්) හිමි වුනා.

කෙසේ වෙතත් පසුව හෙළිවූයේ ටොම් මූඩි විසින් ලබා ගන්නා වැටුපට සරිලන කිසිදු සේවාවක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට නොකරන බවයි.

ඔහු විදෙස්ගතව වෙනත් ලීග් කණ්ඩායම් පුහුණු කරමින් සිය මාසික වැටුප ලබා ගත් බව හෙළිවූවා.

ඇතැමෙක් ප්‍රකාශ කළේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට විදේශිකයන් ගෙන්වා ඔවුන්ට සුපිරි වැටුප් ගෙවා එම වැටුප් වලින් කොමිෂන් මුදල් ලබා ගැනීමට උපදේශන කමිටු හරහා ඇතැමුන් කටයුතු කරන බවයි.

මේ අනුව ක්‍රිකට් ආයතනය ටොම් මූඩිගේ ගිවිසුම අවලංගු කර තිබෙන අතර, ඒ සඳහා ඔහුට ගෙවීමට සිදු වන වන්දි මුදල ඩොලර් 40,000ක්.

නමුත් ටොම් මූඩිට තවත් වසර එක හමාරකට වැටුප් ගෙවනවාට වඩා එම වන්දිය ගෙවා නිදහස් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලාභදායි බව එහි ප්‍රකාශකයෙක් ක්‍රිකට් ග්ලෝරි වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button