ලෝක කුසලානය උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි පුහුණුවීම් මාලාවක් අද සිට!

එළඹෙන T20 ලෝක කුසලානය උදෙසා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු සැසි අද සිට ආරම්භ වෙනවා.

එහි ප්‍රථම පුහුණු සැසිය අද (20) කොළඹ SSC ක්‍රීඩාංගණයේදි ආරම්භ වුනා.

ඉන්පසුව 25 වෙනිදා සිට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් තවත් පුහුණු සැසියක් ආරම්භ වීමට නියමිතයි.

මෙහිදි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පන්දු රැකීමට විශේෂ අවදානයක් යොමු කරනු ඇති. තවද ආලෝක ධාරා යටතේ පන්දු රැකීමට තවත් විශේෂ පුහුණු සැසියක් දියත් වෙනවා.

පිතිකරුවන් උදෙසා අවසන් පන්දු ඕවර වල වේගයෙන් ලකුණු රැස් කිරිමට අවශ්‍ය ස්වීප්, රීවර්ස් ස්වීප්, ස්විච් සහ ස්කූප් පහරවල් එල්ල කිරීමටත් විශේෂ පුහුණුවක් දියත් වෙනවා.

එමෙන්ම පන්දු යවන්නන්ට අවසාන පන්දුවාර වල පීඩනය මැද්දේ පන්දු යොමු කිරීමට තවත් පුහුණු සැසියක් ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසුව ඔක්තොම්බර් 2 වෙනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ශ්‍රී ලංකා කණ්ඩායම එහිදීත් පුහුණු තරග දෙකකට ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු පුහුණු තරගය සිම්බාබ්වේ කණ්ඩායම සමග ඔක්තෝබර් 10 වෙනිදා පැවැත්වෙන අතර දෙවන පුහුණු තරගය අයර්ලන්තය සමග ඔක්තෝබර් 13 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button