යොවුන් ශ්‍රී ලංකා තරු – I.P.L තරු සමග ගැටෙන තරගය අදයි, උදානට ඇතුලට එන්න ප්‍රවීන් එළියට ?

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් T20 තරගාවලිය අද (25) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙරට අතර පැවැති එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගත්තත් තුන්වෙනි එක්දින තරගයේ දී ලැබූ ජය හා දෙවැනි තරගයේ දී පෙන්වූ සටන්කාමීත්වය හේතුවෙන් දසුන් ශානක විසින් මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි විශ්වාසයකින් යුතුව අද තරගයට එක්වනු ඇති.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙ දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩකයන් යුත් ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස තරග රටාවේ වැඩි අත්දැකීම් සහිත ප්‍රබල කණ්ඩායමකි.

අද තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව ක්‍රීඩා කිරීමේ ඉඩක් පවතින බව වාර්තා වේ. මේ අනුව ආබාධයක් හේතුවෙන් අවසන් එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ වනිදු හසරංග අද තරගයට එක්වන අතර ඔහු වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කෙරෙනු ඇති.

තෙවන එක්දින තරගයට ක්‍රීඩා නොකළ ඉසුරු උදාන ඇතැම් විට අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති අතර, ඒ වෙනුවෙන් ප්‍රවීන් ජයවික්‍රමට බොහෝ දුරට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමේ ඉඩක් පවති.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button