තෙවන තරගය අදයි – අද ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතයි. දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරගය පස්වරු 2:30ට ඇරඹීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම තරගය බැගින් ජය ගෙන සිටින නිසා 1-1ක් ලෙස පවතින තරගාවලියේ අවසන් තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත්.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම් වෙනස්කම් දෙකක් සිදුවනු ඇති බව වාර්තා වේ. අද තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරනු ඇති. අද තරගය සඳහා තවත් තුන් ඉරියව් ක්‍රිඩකයෙකු ශ්‍රී ලංකා පිලට කැඳවීමටත් අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගතහොත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයක් ලබන්නේ වසර අටකට පසුව වීම විශේෂයි.

මේ අතර අද තරගයේදී අඩුම ඉනිම් සංඛ්‍යාවකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුණු දහසේ සීිමාව පසු කළ ශ්‍රී ලාංකික පිතිකරුවා වීමර අවිශ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් හිමිව තිබෙනවා. මෙම වාර්තාවට හිමිකම් කියන රෝයි ඩයස් එක්දින ඉනිම් 27කදී එක්දින ලකුණු දහසක් ලබා ගෙන තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු මේ වන විට එක්දින ඉනිම් 25කට එක්වෙමින් එක්දින ලකුණු 954ක් රැස් කර තිබෙනවා.

ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දුට මෙම වාර්තාව බිඳ හෙලීමට ඉනිම් දෙකකදී අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 46ක් පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button